fbpx

වෘත්තීය ක්ෂේත්‍ර 14 ක රැකියා සඳහා වසර 10ක කාලයකට ජපන් රජය සමග පසුගියදා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා එළඹි ගිවිසුමත් සමග විශාල ශ්‍රම බලකායක් ජපානයට යැවීමේ අවස්ථාව ලැබී ඇත.

මේ යටතේ රැකියා ක්ෂේත්‍ර 14ක් සදහා අපිට ශ්‍රමිකයන් යවන්න පුළුවන්. නැව් ඉදිකිරීම් හා නැව් යන්ත්‍ර උපකරණ ක්ෂේත්‍රය, ගුවන්සේවා කර්මාන්තය, විද්‍යුත් ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණික, ආහාර පාන නිෂ්පාදනය, ධීවර හා ජලජීවි වගා, කෘෂිකර්මාන්තය, ඉදිකිරීම්, කාර්මික යන්ත්‍රෝපකරණ, යන්ත්‍ර කොටස් එකලස්කිරීම, සාත්තුසේවා, ගොඩනැගිලි පිරිසිදුකිරීම හා කළමණාකරණය, රථවාහන, නඩත්තුසේවා, නවාතැන්සේවා හා ආහාර සේවා කර්මාන්තය යන ක්ෂේත්‍ර 14 ඔස්සේ ශ්‍රමිකයන් යවන්න පුළුවන්.

මේ ක්ෂේත්‍ර 14ට යන්න ඊට අවශ්‍ය වෘත්තීය දැනුමෙන් යුතුව තරුණ තරුණියන් අප හදාගත යුතුයි. ඒ වගේම ඒ ඒ ක්ෂේත්‍රයට අවශ්‍ය වන ප්‍රමාණයට මේ සියලු දෙනාම ජපන් භාෂාව පිළිබද ප්‍රවීණතාවය ලබාගැනීමට අවශ්‍ය වෙනවා. මේ මට්ටම් වලට අප සකස් විය යුතුයි. ඒ නිසා මේ සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් ලැබීම ඉතාම අත්‍යවශ්‍යයි.

INQUIRY